bandaragamacc

අ.පො.ස. (සා. පෙළ) – 2024 ප්‍රථිඵල 90% ප්‍රතිශතයක්

අප විද්‍යාලයීය 2024 වර්ෂයේ අ.පො.ස (සා. පෙළ) ප්‍රථිඵල 90% ප්‍රතිශතයක් ඉක්මවමින් අප දූ පුතුන් විශිෂ්ට මට්ට්මට ලඟා වී ඇති බව ඉතා සතුටින් දන්වමු. එම දූපුතුන්ට සමස්ත විද්‍යාලයීය සුභාශිංසන පිරිනමමු. මෙම ප්‍රථිඵල ලබා ගැනීමට කැපවූ ආචාර්ය මණ්ඩලයේ සියළුම ගුරුභවතුන්ට ද ,විවිධ සහය දැක්වූ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන්ටද, එම දූ පුතුන්ගේ දයාබර දෙමව්පියන්ටද, සමස්ත පාසල් ප්‍රජාවටද […]

අ.පො.ස. (සා. පෙළ) – 2024 ප්‍රථිඵල 90% ප්‍රතිශතයක් Read More »

පරිසර නියමු හරිත පදක්කම් ලාභී දූ පුතුන්ට පදක්කම් පැළඳවීම

පරිසර නියමු හරිත පදක්කම් ලාභී දූ පුතුන්ට එම පදක්කම් පැළඳවීම 2025/07/09 වන දින විද්‍යාලයේ උදෑසන රැස්වීමේදී සිදු කරන ලදී. එම වැඩසටහන සංවිධානය කළ පරිසර නියමු ඒකකය භාර බණ්ඩාරගම කොට්ඨාසයේ පරිසර කොමසාරිස් ඩේසි ගුණරත්න ගුරු මහත්මිය ප්‍රමුඛ ගුරු මහත්මීන්ට සමස්ත විද්‍යාලයීය ස්තූතිය පිරිනමමු .එම දූ පුතුන්ට විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු .

පරිසර නියමු හරිත පදක්කම් ලාභී දූ පුතුන්ට පදක්කම් පැළඳවීම Read More »

සමස්ත ලංකා නර්තන තරඟාවලිය – පළාත් ජයග්‍රහණ

2025/07/06 දින පැවති සමස්ත ලංකා නර්තන තරඟාවලියේ පළාත් තරඟාවලියෙන් අප විද්‍යාලයේ දූ පුතුන් ඉදිරිපත් වූ ජ්‍යෙෂ්ඨ සමූහ තරඟයෙන් තෙවන ස්ථානයද, කනිෂ්ඨ සමූහ තරඟයෙන් දෙවන ස්ථානයද, ජ්‍යෙෂ්ඨ ඒකල තරඟයෙන් දෙවන ස්ථානයද දිනාගත් බවත් ඉතා සතුටින් දන්වමු . එම දු පුතුන්ට සමස්ත විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම් පිරිනමමු. ඉමහත් කැපවීමෙන් එම දරුවන් පුහුණුකළ නර්තන අංශයේ ගුරුමහත්මීන්ට සමස්ත ව්ද්‍යාලයීය

සමස්ත ලංකා නර්තන තරඟාවලිය – පළාත් ජයග්‍රහණ Read More »

කළුතර දිස්ත්‍රික් මයිලෝ 15 න් පහළ දැල්පන්දු බාලිකා අනුශූරතාවය

2025/06/30 වන දින කළුතර දිස්ත්‍රික් මයිලෝ 15 න් පහළ දැල්පන්දු බාලිකා A කොටසේ අනුශූරතාවය බණ්ඩාරගම මධ්‍ය විද්‍යාලයීය දියණිවරුන් දිනා ගෙන ඇති බව සතුටින් දන්වමු . එම දියණිවරුන්ට සුබ ප්‍රාර්ථනා එක් කරමු. එම දරුවන් පුහුණු කළ හිරුනි කරුණාරත්න ගුරු මෙනෙවියට සමස්ත විද්‍යාලයීය ස්තූතිය පිරිනමමු .

කළුතර දිස්ත්‍රික් මයිලෝ 15 න් පහළ දැල්පන්දු බාලිකා අනුශූරතාවය Read More »

DIVISIONAL SPORTS CHAMPION 2025

2025/05/23 දින අවසන් වූ කොට්ඨාස ක්‍රීඩා තරඟාවලියේ සමස්ත ශූරතාවය ලකුණු 476 ක් ලබා ගනිමින් අප විද්‍යාලය ලබා ගත් බව අතිමහත් වූ අභිමානයෙන් යුතුව දැනුම් දෙමු. වසර 05 කටත් වැඩි කාලයකට පසුව අප විද්‍යාලයීය භූමියේදී අති උත්සවාකාරයෙන් පැවැත්වූ මෙම උළෙලේදී ජය ගත් අපේම ආදර දූපුතුන්ට සමස්ත විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම් පිරිනමමු. ක්‍රීඩා නායක, නායිකා, උප ක්‍රීඩා

DIVISIONAL SPORTS CHAMPION 2025 Read More »

Clean Sri Lanka ව්‍යාපෘතිය – පානදුර දුම්රිය ස්ථානය පිරිසිදු කිරීම.

බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බෙඩන් පවල් සාමිවරයාගේ ජන්ම දිනය නිමිතිකොට ගෙන 2025 පෙබරවාරි 22 වන දින Clean Sri Lanka ව්‍යාපෘතියට සමගාමීව බාලදක්ෂ ව්‍යාපාරය විසින් සංවිධානය කළ දිවයින පුරා පිහිටි දුම්රිය ස්ථාන හා බස් නැවතුම්පොළවල් පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව පානදුර දුම්රිය ස්ථානය පිරිසිදු කිරීම සඳහා අද දින අප පාසලේ බාලදක්ෂ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 10 දෙනෙකු ද සහභාගී විය.

Clean Sri Lanka ව්‍යාපෘතිය – පානදුර දුම්රිය ස්ථානය පිරිසිදු කිරීම. Read More »

පෙර පෝය ධර්ම දේශනා වැඩසටහන…

2025/02/11 වන දින පෙර පෝය ධර්ම දේශනා පුණ්‍යකර්මය අප විද්‍යාලයේ බෞද්ධ සංගමයට මඟින් සංවිධානය කරන ලදී. එම වැඩසටහන සංවිධානය කළ බෞද්ධ සංගමය භාර උසස් පෙළ කලා අංශ ප්‍රධාන පූජ්‍ය දාපනේ සීලසෝභන ස්වාමීන් වහන්සේ ඇතුළු ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටද , උසස් පෙළ අංශයේ සියළුම ගුරුභවතුන්ට ද , විවිධ සහය දැක්වූ ආචාර්‍ය මණ්ඩලයේ සියලුම මහත්ම මහත්මීන්ටද සමස්ත විද්‍යාලයීය

පෙර පෝය ධර්ම දේශනා වැඩසටහන… Read More »

නවෝත්පාදන ඒකකයේ නව නිර්මාණ ප්‍රදර්ශනය…

2025/02/05 දින අප විද්‍යාලයේ නවෝත්පාදන ඒකකයේ දුදරුවන් විසින් නව නිර්මාණ ප්‍රදර්ශනයක් පවත්වන ලදී. එම දු පුතුන්ට, එම ඒකකයේ සියළුම ගුරුභවතුන්ට සමස්ත විද්‍යාලයීය කෘතවේදීත්වය පිරිනමමු.

නවෝත්පාදන ඒකකයේ නව නිර්මාණ ප්‍රදර්ශනය… Read More »

77 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙලේ පෙළපාලිය

77 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙලේ පෙළපාලිය සඳහා ජාතික ශිෂ්‍ය භට බලකාය නියෝජනය කරන කණ්ඩායමට දෙවනි වරටත් තේරීපත් වූ අප විද්‍යාලයීය පොලිස් ශිෂ්‍ය භට බාලිකා ඛණ්ඩයේ සාමාජිකාවක් වන 11 D පන්තියේ ඉගෙනුම ලබන පසිනි ඉදුරංගි ජයතිලක දියණියට සමස්‍ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු.

77 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙලේ පෙළපාලිය Read More »

බණ්ඩාරගම මැදි විදුහල් 13න් පහල ක්‍රිකට් කණ්ඩායම සහ බණ්ඩාරගම නකානෝ ජාත්‍යන්තර පාසල් ක්‍රිකට් කණ්ඩායම අතර පැවති තෙවන වටයේ ක්‍රිකට් තරගය…

බණ්ඩාරගම මැදි විදුහල් 13න් පහල ක්‍රිකට් කණ්ඩායම සහ බණ්ඩාරගම නකානෝ ජාත්‍යන්තර පාසල් ක්‍රිකට් කණ්ඩායම අතර පැවති තෙවන වටයේ ක්‍රිකට් තරගයෙන් පලමු ඉනිමේ ජයක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ අවසන් පාසල් 128 අතරට පිවිසීමට බණ්ඩාරගම මැදි විදුහල් ක්‍රීඩකයන් සමත් විය. නායක සේමික තසිත් විශිෂ්ඨ අර්ධ ශතකයක් ලබා ගනිමින් තම කණ්ඩායම ජයග්‍රාහී මාවතට රැගෙන යනු ලැබීය. එම පුතුන්ට

බණ්ඩාරගම මැදි විදුහල් 13න් පහල ක්‍රිකට් කණ්ඩායම සහ බණ්ඩාරගම නකානෝ ජාත්‍යන්තර පාසල් ක්‍රිකට් කණ්ඩායම අතර පැවති තෙවන වටයේ ක්‍රිකට් තරගය… Read More »