


2025/05/23 දින අවසන් වූ කොට්ඨාස ක්‍රීඩා තරඟාවලියේ සමස්ත ශූරතාවය ලකුණු 476 ක් ලබා ගනිමින් අප විද්‍යාලය ලබා ගත් බව අතිමහත් වූ අභිමානයෙන් යුතුව දැනුම් දෙමු. වසර 05 කටත් වැඩි කාලයකට පසුව අප විද්‍යාලයීය භූමියේදී අති උත්සවාකාරයෙන් පැවැත්වූ මෙම උළෙලේදී ජය ගත් අපේම ආදර දූපුතුන්ට සමස්ත විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම් පිරිනමමු. ක්‍රීඩා නායක, නායිකා, උප ක්‍රීඩා නායක, නායිකා දූ පුතුන් ඇතුළු සහය දැක්වූ සියළුම දූ පුතුන්ට විද්‍යාලයීය ස්තූතිය පිරිනමමු. එමෙන්ම සියළු කාර්‍යයන් සොයා බලමින්, දූ පුතුන් මනා ලෙස හැඩ ගස්වමින්, පුහුණුකරමින් දරුවන් ජයග්‍රහණය කරා මෙහෙයවු ,කැපවූ සියළුම ගුරුභවතුන්ට, සමස්ත විද්‍යාලයීය කෘතවේදීත්වය පිරිනමමු.
