Extracurricular Activities

කොට්ඨාස ඉංග්‍රීසි භාෂා තරඟ – 2025 ජයග්‍රහණ

අප විද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ මෙහෙයවීමෙන් දූ පුතුන් රාශියක් කොට්ඨාස ඉංග්‍රීසි භාෂා තරඟවලින් ජයග්‍රහණය අත්පත් කරගෙන ඇත. එම දූ පුතුන්ට සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු. ඉදිරි ජයග්‍රහණද ලැබේවායි ප්‍රාර්ථනය කරමු

කොට්ඨාස ඉංග්‍රීසි භාෂා තරඟ – 2025 ජයග්‍රහණ Read More »

14 වන බාලදක්ෂ ජාතික කාබෝරිය – ලෝගු ප්‍රදානය කිරීමේ නිල උත්සවය

14 වන බාලදක්ෂ ජාතික කාබෝරියේ ලෝගු ප්‍රදානය කිරීමේ නිල උත්සවය 2025.07.08 අඟහරුවාදා දින පස්වරු 2.30 ට අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විනි. එම උත්සවයට අප විද්‍යාලයේ පෝතක බාලදක්ෂ දූ පුතුන් සහභාගී විය. ඔවුන්ට සහ එම කණ්ඩායම භාර ගුරුභවතුන්ට සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු

14 වන බාලදක්ෂ ජාතික කාබෝරිය – ලෝගු ප්‍රදානය කිරීමේ නිල උත්සවය Read More »

ශිෂ්‍යනායක දිනය – 2025

2025/07/18 වන දින අප විද්‍යාලයීය 2025 වර්ෂයේ ශිෂ්‍යනායක දිනය අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආයතන) අමල් එදිරිසූරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ශ්‍රවනාගාරයේදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණි. නිල ලාංඡන පැළඳි සියළුම ආදර දූ පුතුන්ට සමස්ත ව්ද්‍යාලයීය සුභාශිංසන පිරිනමමු. මෙම අති උත්කර්ෂවත් උළෙල ඉතා කැපවී සංවිධානය කළ ගුරුභවතුන්ටද, අතිවිශාල සහයක් දැක්වූ එම දූ පුතුන්ගේ දයාබර දෙමව්පියන්ටද හෘදයාංගම ස්තූතිය පුදකරමු.

ශිෂ්‍යනායක දිනය – 2025 Read More »

පොලිස් ශිෂ්‍යභට බාලිකා – බස්නාහිර පළාත් 2 වැනි ස්ථානය

2025/07/08 දින සිට 2025/07/14 දින දක්වා රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බලකා මූලස්ථානයේ පළාත් තරඟ සඳහා කඳවුරු ගත වූ අප විද්‍යාලයේ පොලිස් ශිෂ්‍යභට බාලිකා දියණිවරුන් බස්නාහිර පළාත් දෙවන ස්ථානය දිනා ඇතිබව ඉතා සතුටින් දැනුම් දෙමු.  එම දියණිවරුන්ට සමස්ත විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම් පිරිනමමු. ඔවුන් සමඟ කඳවුරු ගත වූ මිලිනි ගුරු මෙනවිය ප්‍රමුඛ ඛණ්ඩ භාර ගුරුභවතුන්ට ,බණ්ඩාරගම පොලිස්

පොලිස් ශිෂ්‍යභට බාලිකා – බස්නාහිර පළාත් 2 වැනි ස්ථානය Read More »

කලාප ක්‍රීඩා – කලාපයෙන් පස්වන ස්ථානය

2025/07/11 දින පැවති කලාප ක්‍රීඩා අවසාන උත්සවයේදී අප විද්‍යාලය සමස්ත කලාපයෙන් පස්වන ස්ථානය දිනා ගත් බව සතුටින් දන්වමු . ක්‍රීඩාවේ නියැලී ජයගත් හා සම්බන්ධ වූ අප විද්‍යාලයේ සියළුම දූ පුතුන්ට සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු . අප විද්‍යාලයට මහත් අභිමානයක් කැඳවමින් අපේ දරුවන් ලබාගත් ජයග්‍රහණ මෙලෙසින් දක්වමි. හොරණ කලාප ක්‍රීඩා -2025 දැල්පන්දු 16 පහළ ශූරතාව

කලාප ක්‍රීඩා – කලාපයෙන් පස්වන ස්ථානය Read More »

පරිසර නියමු හරිත පදක්කම් ලාභී දූ පුතුන්ට පදක්කම් පැළඳවීම

පරිසර නියමු හරිත පදක්කම් ලාභී දූ පුතුන්ට එම පදක්කම් පැළඳවීම 2025/07/09 වන දින විද්‍යාලයේ උදෑසන රැස්වීමේදී සිදු කරන ලදී. එම වැඩසටහන සංවිධානය කළ පරිසර නියමු ඒකකය භාර බණ්ඩාරගම කොට්ඨාසයේ පරිසර කොමසාරිස් ඩේසි ගුණරත්න ගුරු මහත්මිය ප්‍රමුඛ ගුරු මහත්මීන්ට සමස්ත විද්‍යාලයීය ස්තූතිය පිරිනමමු .එම දූ පුතුන්ට විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු .

පරිසර නියමු හරිත පදක්කම් ලාභී දූ පුතුන්ට පදක්කම් පැළඳවීම Read More »

Clean Sri Lanka ව්‍යාපෘතිය – පානදුර දුම්රිය ස්ථානය පිරිසිදු කිරීම.

බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බෙඩන් පවල් සාමිවරයාගේ ජන්ම දිනය නිමිතිකොට ගෙන 2025 පෙබරවාරි 22 වන දින Clean Sri Lanka ව්‍යාපෘතියට සමගාමීව බාලදක්ෂ ව්‍යාපාරය විසින් සංවිධානය කළ දිවයින පුරා පිහිටි දුම්රිය ස්ථාන හා බස් නැවතුම්පොළවල් පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව පානදුර දුම්රිය ස්ථානය පිරිසිදු කිරීම සඳහා අද දින අප පාසලේ බාලදක්ෂ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 10 දෙනෙකු ද සහභාගී විය.

Clean Sri Lanka ව්‍යාපෘතිය – පානදුර දුම්රිය ස්ථානය පිරිසිදු කිරීම. Read More »

පෙර පෝය ධර්ම දේශනා වැඩසටහන…

2025/02/11 වන දින පෙර පෝය ධර්ම දේශනා පුණ්‍යකර්මය අප විද්‍යාලයේ බෞද්ධ සංගමයට මඟින් සංවිධානය කරන ලදී. එම වැඩසටහන සංවිධානය කළ බෞද්ධ සංගමය භාර උසස් පෙළ කලා අංශ ප්‍රධාන පූජ්‍ය දාපනේ සීලසෝභන ස්වාමීන් වහන්සේ ඇතුළු ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටද , උසස් පෙළ අංශයේ සියළුම ගුරුභවතුන්ට ද , විවිධ සහය දැක්වූ ආචාර්‍ය මණ්ඩලයේ සියලුම මහත්ම මහත්මීන්ටද සමස්ත විද්‍යාලයීය

පෙර පෝය ධර්ම දේශනා වැඩසටහන… Read More »