

2025/07/08 දින සිට 2025/07/14 දින දක්වා රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බලකා මූලස්ථානයේ පළාත් තරඟ සඳහා කඳවුරු ගත වූ අප විද්‍යාලයේ පොලිස් ශිෂ්‍යභට බාලිකා දියණිවරුන් බස්නාහිර පළාත් දෙවන ස්ථානය දිනා ඇතිබව ඉතා සතුටින් දැනුම් දෙමු. එම දියණිවරුන්ට සමස්ත විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම් පිරිනමමු.
ඔවුන් සමඟ කඳවුරු ගත වූ මිලිනි ගුරු මෙනවිය ප්‍රමුඛ ඛණ්ඩ භාර ගුරුභවතුන්ට ,බණ්ඩාරගම පොලිස් ස්ථානයේ කාන්ති අමරසේකර මහත්මිය ඇතුළු සහය දැක්වූ නිලධාරීන්ට,ඔවුන්ගේ ආදර දෙමව්පියන්ට සමස්ත විද්‍යාලයීය කෘතවේදීත්වය පිරිනමමු.
