Uncategorized

විශේෂ අවශ්‍යතා ඇති අපේ දූ පුතුන්ගේ දක්ෂතා අගයමින් සුබ පැතුම්!

2026/07/24 වන දින හොරණ අධ්‍යාපන කලාපය මගින් සංවිධානය කළ විශේෂ අධ්‍යාපන අවශ්‍යතා ඇති දරුවන්ගේ විවිධ ප්‍රසංගය හොරණ රාජකීය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විය. අප විද්‍යාලයෙන් ඒ සඳහා සහභාගී වූ දූ පුතුන්ට සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු. දරුවන් පුහුණු කළ අංශ ප්‍රධාන ඊ කල්‍යාණි ගුරු මහත්මියට සහ මිලිනි හංසිකා ගුරු මෙනෙවියට විශේෂ ස්තුතිය පිරිනමමු.

විශේෂ අවශ්‍යතා ඇති අපේ දූ පුතුන්ගේ දක්ෂතා අගයමින් සුබ පැතුම්! Read More »

බටහිර සංගීතයෙන් විද්‍යාලයීය ඉතිහාසයට එක්වූ අභිමානවත් ජයග්‍රහණයක්!

අද දින පැවැති සමස්ත ලංකා බටහිර සංගීතය තරගාවලියේදී (All Island Western Music and Dance Competition) අප විද්‍යාලයේ 8 ශ්‍රේණියේ ජනිඳු කරුණාරත්න පුතනුවත් බස්නාහිර පළාතෙන් පියානෝ වාදනය ඒකල තරඟයෙන් 3 වන ස්ථානය දිනා ඇති බව ඉතාමත්ම සතුටින් දැනුම් දෙමු. ආදරණීය පුතණුවන්ට සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු. විද්‍යාලයීය ඉතිහාසයේ ප්‍රථම වතාවට බටහිර සංගීතය තරගයකින් මෙවැනි ජයග්‍රහණයක් හිමිකර

බටහිර සංගීතයෙන් විද්‍යාලයීය ඉතිහාසයට එක්වූ අභිමානවත් ජයග්‍රහණයක්! Read More »

“The Battle of Raigam Legends” සුහද ක්‍රිකට් තරගයේ ජයග්‍රාහකයන්ට උණුසුම් සුබ පැතුම් සහ තරගාවලිය සාර්ථක කරගැනීමට කැපවූ සැමට හෘදයාංගම කෘතඥතාව!

2026/09/27 වන දින බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගනයේ අප විද්‍යාලයත් හොරණ ශ්‍රී මේධංකර මහා විද්‍යාලයත් අතර පැවැති The Battle of Raigam Legends සුහද ක්‍රිකට් තරගයෙන් හොරණ ශ්‍රී මේධංකර මහා විද්‍යාලය ජය ගත් අතර එම විද්‍යාලයේ ආදරණීය පුතුන්ට අප විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු. තරඟ වැදුණු අපේ ආදරණීය පුතුන්ටද සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු. 1. විශාල අනුග්‍රහයක් දැක්වූ අප

“The Battle of Raigam Legends” සුහද ක්‍රිකට් තරගයේ ජයග්‍රාහකයන්ට උණුසුම් සුබ පැතුම් සහ තරගාවලිය සාර්ථක කරගැනීමට කැපවූ සැමට හෘදයාංගම කෘතඥතාව! Read More »

ලෝක ළමා දින සැමරුම සාර්ථක කරගැනීමට කැපවූ සැමට අපගේ හෘදයාංගම කෘතඥතාව!

ලෝක ළමා දිනය වෙනුවෙන් 2026/10/01 වන දින අප විද්‍යාලයේ ආදරණීය ගුරු භවතුන්, අපේ ආදර දූ පුතුන් වෙනුවෙන් තිළිණ කළ ළමා දින වැඩසටහන සංවිධානය කළ සහ ඒ සඳහා සහභාගී වූ ආචාර්ය මණ්ඩලයේ සියලුම ගුරු භවතුන්ට හෘදයාංගම ස්තුතිය පිරිනමමු ,සහාය දැක්වූ දූ පුතුන්ටද විද්‍යාලයීය ස්තුතිය පිරිනමමු.

ලෝක ළමා දින සැමරුම සාර්ථක කරගැනීමට කැපවූ සැමට අපගේ හෘදයාංගම කෘතඥතාව! Read More »

නවෝත්පාදනයෙන් විස්කම් පෑ අපේ පුතුන්ට උණුසුම් සුබ පැතුම්!

අපවිද්‍යාලයේ 7D පන්තියේ ඉගෙනුම ලබන කෙනුත් සස්මිත ,චමත් ආකර්ශ යන පුතුන් නිර්මාණ කරන ලද සංවේදක රොබෝ නිපැයුම පිළිබඳ ව එම පුතුන්ට සමස්ත විද්‍යාලයීය සුභාශිංසන පිරිනමමු .ඔවුන්ට මාර්ගෝපදේශකත්වය දෙන නවෝත්පාදන ඒකකය භාර තරිඳු නිශාන් ගුරු මහතාටද සමස්ත විද්‍යාලයීය ස්තුතිය පිරිනමමු.

නවෝත්පාදනයෙන් විස්කම් පෑ අපේ පුතුන්ට උණුසුම් සුබ පැතුම්! Read More »

අභියෝග මැද අභිමානවත් ලෙස පැවැති ශිෂ්‍යනායක දිනය 2026!

2026/09/14 වන දින ප්‍රවීණ මාධ්‍යවේදී වසන්ත දුක්ගන්නාරාල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2026 වර්ෂයට අදාල ශිෂ්‍යනායක දිනය ඉතා අභිමානවත් ලෙස පැවැත්විණි. එම උළෙල වත් කිරීමට පැමිණි වසන්ත දුක්ගන්නාරාල මැතිඳුන්ට සමස්ත විද්‍යාලයීය ස්තුතිය පිරිනමමු. ශිෂ්‍ය නායක තනතුරු ලැබූ සියලුම දූ පුතුන්ට විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු. එදින දිවයිනට බලපෑ වැඩිම වර්ෂාපතනය බණ්ඩාරගමට වී ඉතා අභියෝග මධ්‍යයේ වුවද ඉතා අලංකාර ශිෂ්‍යනායක

අභියෝග මැද අභිමානවත් ලෙස පැවැති ශිෂ්‍යනායක දිනය 2026! Read More »

මයිලෝ දැල්පන්දු තරගාවලියෙන් සමස්ත ලංකා වරම් දිනූ අපේ දියණියන්ට උණුසුම් සුබ පැතුම්!

සමස්ත ලංකා මයිලෝ දැල්පන්දු තරගාවලියෙන් දිස්ත්‍රික් මට්ටමෙන් අප විද්‍යාලයේ 17න් පහළ ක් කණ්ඩායම 3 වන ස්ථානයද ,19 න් පහළ කණ්ඩායම 4 වන ස්ථානය ද දිනා සමස්ත ලංකා තරගයට සුදුසුකම් ලබා ඇති බව සතුටින් දැනුම් දෙමු. එම දියණිවරුන් පුහුණු කරන ක්‍රීඩා අංශ ප්‍රධාන හිරුණි කරුණාරත්න ගුරු මෙනවියටද, සහභාගි වූ පියුමි හංසිකා ගුරු මහත්මියටද, සමස්ත විද්‍යාලයීය ස්තුතිය

මයිලෝ දැල්පන්දු තරගාවලියෙන් සමස්ත ලංකා වරම් දිනූ අපේ දියණියන්ට උණුසුම් සුබ පැතුම්! Read More »

විද්‍යාල ඉතිහාසයේ නව පරිච්ඡේදයක් – ප්‍රථම යුධ හමුදා ශිෂ්‍ය භට බාලිකා ඛණ්ඩය ආරම්භ වේ

2026/08/14 වන දින ඉතිහාසයේ ප්‍රථම වතාවට විද්‍යාලයේ යුධ හමුදා ශිෂ්‍ය භට බාලිකා ඛණ්ඩයක් ආරම්භ කරන ලදී .එම පුහුණුවීම් කටයුතු හා ඛන්ඩ භාරව කටයුතු කරන ආචාරිනී දීපා ජයකොඩි මහත්මියට ද, ඔවුන්ව දිරිමත් කරමින් සහභාගි වූ නියෝජ්‍ය විදුහල්පතිනි තුෂාරි විතානගේ මහත්මියට ද සමස්ත විද්‍යාලයීය ස්තූතිය පිරිනමමු.එම ආදරණීය දියණියන්ටද සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු .

විද්‍යාල ඉතිහාසයේ නව පරිච්ඡේදයක් – ප්‍රථම යුධ හමුදා ශිෂ්‍ය භට බාලිකා ඛණ්ඩය ආරම්භ වේ Read More »