bandaragamacc

අප විද්‍යාලයීය ඉතිහාසයේ ප්‍රථම වතාවට රගර් ක්‍රීඩාව ආරම්භ කිරීම.

2025/08/25 දින අප විද්‍යාලයීය ඉතිහාසයේ ප්‍රථම වතාවට රගර් ක්‍රීඩාව ආරම්භ කිරීමට ලැබීම ඉතා සතුටට කරුණකි.බණ්ඩාරගම කොට්ඨාසය තුළ රගර් ක්‍ර්‍රීඩාව කරන එකම පාසල අප පාසලයි.එම ක්‍රීඩාව භාරව කටයුතු කරන ගුරු මහත්ම මහත්මීන්ට සමස්‍ත විද්‍යාලයීය ස්තූතිය පිරිනමමි . නිස්සරණාධ්‍යාසයෙන් යුතුව පැමිණ දරුවන් පුහුණුකරනා පුහුණුකරු චමිල් අලංකාර මහතාවද විද්‍යාලය වෙනුවෙන් හර්දයාංගම පිළිගනිමු .රගර් ක්‍රීඩාවේ යෙදෙන ආදර දූපුතුන්ට සමස්ත […]

අප විද්‍යාලයීය ඉතිහාසයේ ප්‍රථම වතාවට රගර් ක්‍රීඩාව ආරම්භ කිරීම. Read More »

2024-2027 අ.පො.ස උසස් පෙළ සඳහා සිසුන් ඇතුළත් කිරීම.

අප විද්‍යාලයේ සම්මුඛ පරීක්ෂණ පවත්වා, හඳුනාගැනීම් වඩසටහන් මනාලෙස සංවිධානය කරමින් විද්‍යාලයටම ආවේනික ලෙස හැඩගස්වමින් 2025/08/20 වන දින උත්සවාකාරයෙන් උසස් පෙළ අංශ සඳහා දූ පුතුන් ඇතුළත් කරනු ලැබීය. එම දූ පුතුන්ට ඉතාම වාසනාවන්ත අනාගතයකට සමස්ත විද්‍යාලයීය සුභාශිංසන පිරිනමමු. මෙම ක්‍රියාදාමය සංවිධානය කළ සියළුම ගුරුභවතුන්ට සමස්ත විද්‍යාලයීය කෘතවේදීත්වය පිරිනමමු .

2024-2027 අ.පො.ස උසස් පෙළ සඳහා සිසුන් ඇතුළත් කිරීම. Read More »

අවුරුදු 17න් පහළ ක්‍රිකට් 2025

බණ්ඩාරගම මැදි විදුහල් 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ මීවනපලාන මහ විද්‍යාලීය පාසල් ක්‍රිකට් කණ්ඩායම අතර පැවති ක්‍රිකට් තරගයෙන් ලකුණු 23 ක ජයක් ( පැරබෝල ක්‍රමය ) ලබා ගැනීමට බණ්ඩාරගම මැදි විදුහල් ක්‍රීඩකයන් සමත් විය. මීවන පලාන මහ විදුහල සියලු දෙනා දැවී ලකුණු 128 (පන්දුවාර 40.2) උතුම් සංකල්ප – 29/4 මානෙත් මෙනුල් – 10/1 බණ්ඩාරගම මැදි

අවුරුදු 17න් පහළ ක්‍රිකට් 2025 Read More »

6 ශ්‍රේණියේ පිවිසුම් දොරටුව අවට වර්ණාලේප කිරීම.

අප විද්‍යාලයේ 6 ශ්‍රේණියේ පිවිසුම් දොරටුව අවට වර්ණාලේප කිරීම,6 ශ්‍රේණි පන්තිකාමර වෙන්කිරීම ,ඉංග්‍රීසි මාධ්‍ය පන්ති කාමරයේ ආසන පිළියෙළ කිරීම යන උදාර කර්තව්‍යයන් 6 ශ්‍රේණියේ දෙමව්පියන් විසින් සිදු කරන ලදී. ඉමහත් අවශ්‍යතාවක්ව පැවති 6 ශ්‍රේණිය පන්තිකාමර වෙන්කිරීමේ කටයුත්ත සාර්ථකව අවසන් කිරීමට මූලිකවී සියලු කටයුතු මැනවින් සොයාබලා සංවිධානය කල 6 ශ්‍රේණිය D පන්තියේ S. A. මනුජ චමෝද්

6 ශ්‍රේණියේ පිවිසුම් දොරටුව අවට වර්ණාලේප කිරීම. Read More »

කොට්ඨාස ඉංග්‍රීසි භාෂා තරඟ – 2025 ජයග්‍රහණ

අප විද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ මෙහෙයවීමෙන් දූ පුතුන් රාශියක් කොට්ඨාස ඉංග්‍රීසි භාෂා තරඟවලින් ජයග්‍රහණය අත්පත් කරගෙන ඇත. එම දූ පුතුන්ට සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු. ඉදිරි ජයග්‍රහණද ලැබේවායි ප්‍රාර්ථනය කරමු

කොට්ඨාස ඉංග්‍රීසි භාෂා තරඟ – 2025 ජයග්‍රහණ Read More »

Royal Ladies සිංහ සමාජය විසින් පොත් රාශියක් පරිත්‍යාග කිරීම.

බැල්ලන්තුඩාව, Royal Ladies සිංහ සමාජයේ නිලධාරීන් විසින් 2025/07/31 දින අප විද්‍යාලයේ පුස්තකාලය වෙත ඉතා වටිනා ඉංග්‍රීසි මාධ්‍යයෙන් රචිත පොත් රාශියක් පරිත්‍යාග කළහ. එම සිංහ සමාජයේ සියළුම නිලධාරීන්ට සමස්‍ත විද්‍යාලයීය කෘතවේදීත්වය පිරිනමමු . මෙම කර්තව්‍යය සම්බන්ධීකරණයෙන් දායක වූ සිංහ ප්‍රභා ගුණතිලක මහත්මියටද සමස්‍ත විද්‍යාලයීය ස්තූතිය පිරිනමමු.

Royal Ladies සිංහ සමාජය විසින් පොත් රාශියක් පරිත්‍යාග කිරීම. Read More »

පුස්තකාලයට ඉතා වටිනා පොත් ප්‍රමාණයක් පරිත්‍යාග කිරිම.

2025/07/28 වන දින අප විද්‍යාලයේ සේවය කර විශ්‍රාම ලැබූ ස්වර්ණලතා ඈපාසිංහ ගුරු මහත්මිය විසින් අප විද්‍යාලයේ පුස්තකාලයට ඉතා වටිනා පොත් ප්‍රමාණයක් පරිත්‍යාග කළාය. එතුමියට සමස්ත විද්‍යාලයීය කෘතවේදීත්වය පිරිනමමු.

පුස්තකාලයට ඉතා වටිනා පොත් ප්‍රමාණයක් පරිත්‍යාග කිරිම. Read More »

14 වන බාලදක්ෂ ජාතික කාබෝරිය – ලෝගු ප්‍රදානය කිරීමේ නිල උත්සවය

14 වන බාලදක්ෂ ජාතික කාබෝරියේ ලෝගු ප්‍රදානය කිරීමේ නිල උත්සවය 2025.07.08 අඟහරුවාදා දින පස්වරු 2.30 ට අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විනි. එම උත්සවයට අප විද්‍යාලයේ පෝතක බාලදක්ෂ දූ පුතුන් සහභාගී විය. ඔවුන්ට සහ එම කණ්ඩායම භාර ගුරුභවතුන්ට සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු

14 වන බාලදක්ෂ ජාතික කාබෝරිය – ලෝගු ප්‍රදානය කිරීමේ නිල උත්සවය Read More »