2026/03/25 වන දින අප විද්‍යාලයේ ආයෙමත් ආදරෙන් ආදි ශිෂ්‍ය කණ්ඩායම විසින් අභිනව බුද්ධ මන්දිරය ඉදි කිරීම භාර ගෙන අනතුරුව එහි මුල් පියවර ලෙස වෙනුවෙන් මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කිරීමේ උළෙල අති උත්සවාකාරයෙන් සිදු කළහ.අප විද්‍යාලයේ හිටපු විදුහල්පති ,උතුම් අනුනායක පූජ්‍ය මකුරුප්පේ සෝමාලංකාර හිමිපාණන්ගේ සුරතින් මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සිදුකළ මෙම උතුම් කර්තව්‍යය තෙරුවන්ගේ ආශිර්වාදයෙන් අතිසාර්ථක වේවායි සමස්ත විද්‍යාලය වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු .එමෙන්ම මෙම කර්තව්‍යයට මුල් වූ ආයෙමත් ආදරෙන් කණ්ඩායමේ ආදරණිය දූ පුතුනි, ඔබ සියළු දෙනාට මෙම උතුම් කර්තව්‍යයට උරදීම වෙනුවෙන් සමස්ත විද්‍යාලයීය ගෞරවණීය කෘතවේදීත්වය පිරිනමමු . මේ සඳහා අනුශාසකත්වය දුන් සහකාර විදුහල්පති පූජ්‍ය පරගස්තොට ලක්ඛණ ස්වාමීන්වහන්සේ ඇතුළු අප විද්‍යාලයේ ගෞරවණීය ස්වාමීන්වහන්සේලාට මෙන්ම සහභාගි වූ ආරාධිත අමුත්තන්ට , අධ්‍යයන සහ අනධ්‍යයන කාර්‍ය මණ්ඩලයේ සියළුම මහත්ම මහත්මීන්ට,පාසල් සංවර්ධන විධායක කමිටුවේ මහත්ම මහත්මීන්ට ,ආදරණිය දූ පුතුන්ට සමස්ත විද්‍යාලයීය ගෞරවණීය ස්තූතිය පිරිනමමු .








