bandaragamacc

අප විද්‍යාලයීය ආයෙමත් ආදරෙන්

(once again with love) ආදි ශිෂ්‍ය කණ්ඩායම 2025/07/21 දින පැමිණ පැරණි බුදු මැදුර වෙනුවට නව බුදු මැදුරක් ඉදි කිරීමට තම දෑත් දිගු කළෝය. එම ආදි දූ පුතුන්ට සමස්‍ත විද්‍යාලයීය කෘතවේදීත්වය පිරිනමමු . එම මාහැඟි සත් ක්‍රියාව තෙරුවන් සරණින්, සියළු දෙවි රැකවරණින් සාර්ථක වේවායි සුබ ප්‍රාර්ථනා එක් කරමු.

අප විද්‍යාලයීය ආයෙමත් ආදරෙන් Read More »

ශිෂ්‍යනායක දිනය – 2025

2025/07/18 වන දින අප විද්‍යාලයීය 2025 වර්ෂයේ ශිෂ්‍යනායක දිනය අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආයතන) අමල් එදිරිසූරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ශ්‍රවනාගාරයේදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණි. නිල ලාංඡන පැළඳි සියළුම ආදර දූ පුතුන්ට සමස්ත ව්ද්‍යාලයීය සුභාශිංසන පිරිනමමු. මෙම අති උත්කර්ෂවත් උළෙල ඉතා කැපවී සංවිධානය කළ ගුරුභවතුන්ටද, අතිවිශාල සහයක් දැක්වූ එම දූ පුතුන්ගේ දයාබර දෙමව්පියන්ටද හෘදයාංගම ස්තූතිය පුදකරමු.

ශිෂ්‍යනායක දිනය – 2025 Read More »

පොලිස් ශිෂ්‍යභට බාලිකා – බස්නාහිර පළාත් 2 වැනි ස්ථානය

2025/07/08 දින සිට 2025/07/14 දින දක්වා රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බලකා මූලස්ථානයේ පළාත් තරඟ සඳහා කඳවුරු ගත වූ අප විද්‍යාලයේ පොලිස් ශිෂ්‍යභට බාලිකා දියණිවරුන් බස්නාහිර පළාත් දෙවන ස්ථානය දිනා ඇතිබව ඉතා සතුටින් දැනුම් දෙමු.  එම දියණිවරුන්ට සමස්ත විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම් පිරිනමමු. ඔවුන් සමඟ කඳවුරු ගත වූ මිලිනි ගුරු මෙනවිය ප්‍රමුඛ ඛණ්ඩ භාර ගුරුභවතුන්ට ,බණ්ඩාරගම පොලිස්

පොලිස් ශිෂ්‍යභට බාලිකා – බස්නාහිර පළාත් 2 වැනි ස්ථානය Read More »

කලාප ක්‍රීඩා – කලාපයෙන් පස්වන ස්ථානය

2025/07/11 දින පැවති කලාප ක්‍රීඩා අවසාන උත්සවයේදී අප විද්‍යාලය සමස්ත කලාපයෙන් පස්වන ස්ථානය දිනා ගත් බව සතුටින් දන්වමු . ක්‍රීඩාවේ නියැලී ජයගත් හා සම්බන්ධ වූ අප විද්‍යාලයේ සියළුම දූ පුතුන්ට සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු . අප විද්‍යාලයට මහත් අභිමානයක් කැඳවමින් අපේ දරුවන් ලබාගත් ජයග්‍රහණ මෙලෙසින් දක්වමි. හොරණ කලාප ක්‍රීඩා -2025 දැල්පන්දු 16 පහළ ශූරතාව

කලාප ක්‍රීඩා – කලාපයෙන් පස්වන ස්ථානය Read More »

අ.පො.ස. (සා. පෙළ) – 2024 ප්‍රථිඵල 90% ප්‍රතිශතයක්

අප විද්‍යාලයීය 2024 වර්ෂයේ අ.පො.ස (සා. පෙළ) ප්‍රථිඵල 90% ප්‍රතිශතයක් ඉක්මවමින් අප දූ පුතුන් විශිෂ්ට මට්ට්මට ලඟා වී ඇති බව ඉතා සතුටින් දන්වමු. එම දූපුතුන්ට සමස්ත විද්‍යාලයීය සුභාශිංසන පිරිනමමු. මෙම ප්‍රථිඵල ලබා ගැනීමට කැපවූ ආචාර්ය මණ්ඩලයේ සියළුම ගුරුභවතුන්ට ද ,විවිධ සහය දැක්වූ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන්ටද, එම දූ පුතුන්ගේ දයාබර දෙමව්පියන්ටද, සමස්ත පාසල් ප්‍රජාවටද

අ.පො.ස. (සා. පෙළ) – 2024 ප්‍රථිඵල 90% ප්‍රතිශතයක් Read More »

පරිසර නියමු හරිත පදක්කම් ලාභී දූ පුතුන්ට පදක්කම් පැළඳවීම

පරිසර නියමු හරිත පදක්කම් ලාභී දූ පුතුන්ට එම පදක්කම් පැළඳවීම 2025/07/09 වන දින විද්‍යාලයේ උදෑසන රැස්වීමේදී සිදු කරන ලදී. එම වැඩසටහන සංවිධානය කළ පරිසර නියමු ඒකකය භාර බණ්ඩාරගම කොට්ඨාසයේ පරිසර කොමසාරිස් ඩේසි ගුණරත්න ගුරු මහත්මිය ප්‍රමුඛ ගුරු මහත්මීන්ට සමස්ත විද්‍යාලයීය ස්තූතිය පිරිනමමු .එම දූ පුතුන්ට විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු .

පරිසර නියමු හරිත පදක්කම් ලාභී දූ පුතුන්ට පදක්කම් පැළඳවීම Read More »

සමස්ත ලංකා නර්තන තරඟාවලිය – පළාත් ජයග්‍රහණ

2025/07/06 දින පැවති සමස්ත ලංකා නර්තන තරඟාවලියේ පළාත් තරඟාවලියෙන් අප විද්‍යාලයේ දූ පුතුන් ඉදිරිපත් වූ ජ්‍යෙෂ්ඨ සමූහ තරඟයෙන් තෙවන ස්ථානයද, කනිෂ්ඨ සමූහ තරඟයෙන් දෙවන ස්ථානයද, ජ්‍යෙෂ්ඨ ඒකල තරඟයෙන් දෙවන ස්ථානයද දිනාගත් බවත් ඉතා සතුටින් දන්වමු . එම දු පුතුන්ට සමස්ත විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම් පිරිනමමු. ඉමහත් කැපවීමෙන් එම දරුවන් පුහුණුකළ නර්තන අංශයේ ගුරුමහත්මීන්ට සමස්ත ව්ද්‍යාලයීය

සමස්ත ලංකා නර්තන තරඟාවලිය – පළාත් ජයග්‍රහණ Read More »

කළුතර දිස්ත්‍රික් මයිලෝ 15 න් පහළ දැල්පන්දු බාලිකා අනුශූරතාවය

2025/06/30 වන දින කළුතර දිස්ත්‍රික් මයිලෝ 15 න් පහළ දැල්පන්දු බාලිකා A කොටසේ අනුශූරතාවය බණ්ඩාරගම මධ්‍ය විද්‍යාලයීය දියණිවරුන් දිනා ගෙන ඇති බව සතුටින් දන්වමු . එම දියණිවරුන්ට සුබ ප්‍රාර්ථනා එක් කරමු. එම දරුවන් පුහුණු කළ හිරුනි කරුණාරත්න ගුරු මෙනෙවියට සමස්ත විද්‍යාලයීය ස්තූතිය පිරිනමමු .

කළුතර දිස්ත්‍රික් මයිලෝ 15 න් පහළ දැල්පන්දු බාලිකා අනුශූරතාවය Read More »

DIVISIONAL SPORTS CHAMPION 2025

2025/05/23 දින අවසන් වූ කොට්ඨාස ක්‍රීඩා තරඟාවලියේ සමස්ත ශූරතාවය ලකුණු 476 ක් ලබා ගනිමින් අප විද්‍යාලය ලබා ගත් බව අතිමහත් වූ අභිමානයෙන් යුතුව දැනුම් දෙමු. වසර 05 කටත් වැඩි කාලයකට පසුව අප විද්‍යාලයීය භූමියේදී අති උත්සවාකාරයෙන් පැවැත්වූ මෙම උළෙලේදී ජය ගත් අපේම ආදර දූපුතුන්ට සමස්ත විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම් පිරිනමමු. ක්‍රීඩා නායක, නායිකා, උප ක්‍රීඩා

DIVISIONAL SPORTS CHAMPION 2025 Read More »

Clean Sri Lanka ව්‍යාපෘතිය – පානදුර දුම්රිය ස්ථානය පිරිසිදු කිරීම.

බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බෙඩන් පවල් සාමිවරයාගේ ජන්ම දිනය නිමිතිකොට ගෙන 2025 පෙබරවාරි 22 වන දින Clean Sri Lanka ව්‍යාපෘතියට සමගාමීව බාලදක්ෂ ව්‍යාපාරය විසින් සංවිධානය කළ දිවයින පුරා පිහිටි දුම්රිය ස්ථාන හා බස් නැවතුම්පොළවල් පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව පානදුර දුම්රිය ස්ථානය පිරිසිදු කිරීම සඳහා අද දින අප පාසලේ බාලදක්ෂ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 10 දෙනෙකු ද සහභාගී විය.

Clean Sri Lanka ව්‍යාපෘතිය – පානදුර දුම්රිය ස්ථානය පිරිසිදු කිරීම. Read More »