අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය අනුව සිරස මාධ්‍ය ජාලය සහ elephant house ආයතනයේ අනුග්‍රහයෙන් පැවති super harvester අවසන් මහා තරඟයෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනා ගනිමින් (grand finale) ඊයේ දින (2025/10/18) අප විද්‍යාලයේ තේජන සඳරු හා තනුල දිනුජය පුතුන් දෙදෙනා බණ්ඩාරගම විදුමව්ගේ ගෙල රන්දම් වැලෙන් සැරසූහ. ඔවුන් දෙදෙනාට සමස්ත විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම්,හෘදයාංගම සුභාශිංසන පිරිනමමු .විදු මවුන් වෙත මනස්කාන්ත කුසලානයක් සමඟින් රුපියල් මිලියනයක මූල්‍යමය ත්‍යාගයක් ලබා දෙමින්
එම පුතුන් ජයග්‍රහණය කරා මෙහෙය වූ බුද්ධිකා වික්‍රමාරච්චි ගුරු මහත්මීය ප්රමුඛ සජිනි උදේශිකා,ධනංජනි රැටියල,ගයාන් සන්දනායක,සහකාර විදුහල්පති චන්දන ප්‍රදීප් ,යන ගුරු මහත්ම මහත්මීන් ඇතුළු සහය දුන් සමස්ත ආචාර්ය මණ්ඩලයටද,අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ රංජිත් වසන්ත මහතා ඇතුළු අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන්ටද එම දරුවන්ගේ ආදරණීය දෙමව්පියන්ටද පාසල් සංවර්ධන සමිතියටද නන් අයුරින් සහය දැක්වූ සැමටද සමස්ත විද්‍යාලයීය ගෞරවණීය කෘතවේදීත්වය පිරිනමමු .

