හොඳම පොලිස් ශිෂ්‍ය භට බාලිකා ඛණ්ඩය තේරීමේ අවසන් තරඟ ජයග්‍රහණ

අද දින කළුතර පැවති හොඳම පොලිස් ශිෂ්‍ය භට බාලිකා ඛණ්ඩය තේරීමේ අවසන් තරඟයෙන් දිවයිනේ පොලිස් ශිෂ්‍ය භට බාලිකා ඛණ්ඩ 800ක් අතරින් සමස්ත ලංකා තරඟයට සහභාගී වූ ඛණ්ඩ 20 අතරින් 8 වන ස්ථානය ද, ආත්ම විශ්වාස වර්ධන පරීක්ෂණයෙන් 3න් වන ස්ථානය ද, ආත්ම විශ්වාස වර්ධන පරීක්ෂණයෙන් ඒකල දක්ෂතම කාලය වාර්තා කිරීමේ දෙවන ස්ථානය යෙහානි විලෝචනා දියණිය ද දිනා ඇති බව ඉතා සතුටින් දැනුම් දෙමු. එම දියණිවරුන්ට සමස්ත විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම් පිරිනමමු .

පොලිස් ශිෂ්‍ය භට බාලිකා ඛණ්ඩය භාර ගුරු මහත්මීන්ට සමස්ත විද්‍යාලයීය ඉමහත් ස්තූතිය පුද කරමු . එමෙන්ම දින 7 ක් පුරා එම දරුවන් සමග නේවාසිකව කඳවුරු ගත වූ සහ අද දින ද රැඳී සිටින හංසිකා මිලිනි ගුරු මෙනවියට ද, සහය දැක්වූ ආචාර්ය මණ්ඩලයේ ගුරුභවතුන්ට ද සමස්ත විද්‍යාලයීය ස්තූතිය පුද කරමු . තව ද බණ්ඩාරගම පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂක වෙත්තසිංහ මහතා සහ පොලිස් නිලධාරීනී කාන්ති අමරසේකර මහත්මියට ද දියණිවරුන් පුහුණු කිරීම වෙනුවෙන් සමස්ත විද්‍යාලයීය විශේෂ ස්තුතිය පිරිනමමු . දරුවන්ගේ ආදරණීය දෙමව්පියන්ට ද හෘදයාංගම ස්තූතිය පිරිනමමු .