2025/11/06 වන දින අප විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග හා වර්ණ ප්රදානෝත්සවය අති උත්සවාකාරයෙන්ම සිදුවිය. ත්‍යාග ප්රදානෝත්සවය අප විද්‍යාලයේ හිටපු විදුහල්පති කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්රි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ධුරන්දර අතිපූජ්‍ය මකුරුප්පේ සෝමාලංකාර මාහිමිපාණන් වහන්සේගේද,සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ සංගීත පීඨයේ , මානව වංශ සංගීත අධ්‍යයන අංශයේ මහාචාර්ය සමන් පනාපිටිය මැතිතුමාගේ ද,අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අධ්‍යාපන අධ්යක්ෂ ඩබ්. ඒ. නීලිකා පෙරේරා මැතිණියගේද ,හොරණ කලාප අධ්‍යාපන අධ්යක්ෂ ජේ. ඩී. එල්.වී .කේ. ජාසිංහ මැතිතුමාගේ ද සහභාගිත්වයෙන් මෙන්ම සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් සිදුවිය.
බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ නොමද අනුග්‍රහයෙන් ධජ පතාක ලැබුණි. එමෙන්ම විද්‍යාලයීය ඉතිහාසයේ ප්‍රථම වතාවට අපේම ආදර පුතුන් විසින් ඡායාරූපකරණය කරමින් උළෙල ආවරණය කිරීම ඉතාම සතුටට කරුණකි . එම පුතුන්ටත් ඔවුන්ගේ ආදර ගුරුභවතුන් වන සහකාර විදුහල්පති තිසර හෙට්ටිආරච්චි ,දුමුදු තාමර යන මහත්වරුන්ටද විශේෂ ස්තූතිය පිරිනමමු . මෙම අති දැවැන්ත උළෙල සාර්ථක කරගැනීමට දායකත්වය සැපයූ තම උපරිම ශක්තිය යොදවමින් මෙම උළෙල අතිශයින්ම හැඩකළ එමෙන්ම රෑ දිවා නොබලා තමන්ට පැවරුණු සකල විධවූ සියලුම වගකීම් ඉතාම උපරිමයෙන් ඉටු කළ ආචාර්ය මණ්ඩලයේ ආදරණීය ගුරු භවතුන් සියලු දෙනාට සහ
අනධ්‍යන කාර්ය මණ්ඩලයේ හිතවත් මහත්ම මහත්මීන්ට, ප්‍රධාන ලෙසම මුල්‍යමය දායකත්වය දැක්වූ පාසල් සංවර්ධන සමිතියේ ලේකම් අතුල කිත්සිරි ,භාණ්ඩාගාරික ශාන්ති දයාරත්න මහත්ම ,මහත්මීන් ඇතුළු විධායක කමිටුවේ මහත්ම මහත්මීන්ට ,විශේෂයෙන් ත්‍යාග හා වර්ණ ප්‍රදානෝත්සවයට මූල්‍යමය ආධාර ලබාදුන් හිටපු විදුහල්පති අනුනායක මාහිමිපාණන් වහන්සේට මෙන්ම වර්තමාන සහ හිටපු ගුරුභවතුන්ට ,ආදි ගුරු සංගමයේ හිතවත් ගුරු මහත්ම මහත්මීන්ට, පාසලට සුභ පතන්නන් ලෙස එක්වීී සිටිනා ගෞරවනීය මහත්ම මහත්මීන්ට,
කීර්තිමත් ආදි ශිෂ්‍යයන් වන මහේෂ් පත්මලාල් මහතාට හා යසස් රවීන් කරුණාරත්න මහතාට,ආදරණීය දූ පුතුන්ට, ආදරණීය දෙමව්පියන්ට හා නන් අයුරින් සහයෝගය , දායකත්වය දැක්වූ සැමට සමස්ත විද්‍යාලයීය ය ගෞරවණීය කෘතවේදිත්වය පිරිනමමු .
වර්ණ ප්රදානෝත්සවය 2023, 2024
ඉතිහාසයේ ප්‍රථම වතාවට වර්ණ ප්‍රදානෝත්සවයක් වෙනමම සංවිධානය කිරීමට ලැබීම භාග්‍යයට කරුණකි. අප විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍ය උප පොලිස් පරීක්ෂක නිශාන්ත වෙත්තසිංහ මැතිතුමාගේ ද, තවත් කීර්ති ධර ආදි ශිෂ්‍යයෙකු වන මෘදුකාංග නිර්මාණ ශිල්පි යසස් රවීන් කරුණාරත්න මැතිතුමාගේද හා සම්භාවනීය අමුත්තන් රැසකගේ ද සහභාගිත්වයෙන් මෙම අලංකාර වර්ණ රාත්‍රිය සිදුවිය .මෙම අති අලංකාර වරණ ප්‍රදානෝත්සවයද සංවිධානය කළ නව්‍ය වූ අංග එක් කරමින් උළෙල විචිත්‍රවත් කළ සහකාර විදුහල්පතිනි මිථිලා විජේසිරවර්ධන මහත්මිය ඇතුළු මධූෂා විජේවර්ණසූරිය ,ගයනිගුණසිංහ,නිශා සෙනෙවිරත්න ,ඉරේෂා දිලානි,උදාරා කඳනෙආරච්චි යන ගුරුභවතුන් ඇතුළු සමස්ත ආචාර්ය මණ්ඩලයේ සියලුම ගුරුභවතුන්ට, අනධ්‍යන කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන්ට ,බණ්ඩාරගම පොලිස් ස්ථානයේ නිලධාරිනී කාන්ති අමරසේකර මහත්මියට ,අප විද්‍යාලයේ බාහිර ක්‍රීඩා පුහුණුකරුවන්ට,ආදරණීය දූ පුතුන්ට,අප හිතවත් දෙමව්පියන්ට සහ සහයෝගය දැක්වූ සැමට
වීද්යාලයීය ඉමහත් ස්තූතිය පිළිගන්වමු.





























