2025/09/ 10 දින අප විද්‍යාලයීය ක්‍රීඩාපිටියේ පැවති බණ්ඩාරගම ප්‍රාථමික කොට්ඨාස ක්ර්රීඩා උළෙලේ ශූරතාවය අප විද්‍යාලයී ආදර දූපුතුන් විසින් දිනා ගත් බව ඉතා සතුටින් දැනුම්දෙමු .අපේ ආදර ප්‍රාථමික අංශයේ දූ පුතුන්ට උණුසුම් සුබ පැතුම් පිරිනමමු .හොරණ අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික අධ්‍යාපනය භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ ශෂිකා සමන්මලී මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති එම උළෙලේදී එම විශිෂ්ට ජයග්‍රහණය ලබා ගැනීමට කැපවූ
ප්‍රාථමික අංශයේ ගුරුභවතුන් සහ
ක්ර්රීඩා අංශයේ ගුරුභවතුන් ඇතුළු සමස්ත ආචාර්ය මණ්ඩලයට අපේම ආදර දූපුතුන්ට
හිතවත් දෙමව්පියන්ට
සමස්ත විද්‍යාලයීය ස්තූතිය පිරිනමමු
ප්‍රාථමික ක්‍රීඩා – ප්‍රාථමික අංශය
හොරණ අධ්‍යාපන කලාපය
බණ්ඩාරගම කොට්ඨාසය
සමස්ත ප්‍රතිඵලය
3 ශ්‍රේණිය
බාලිකා – ප්‍රථම ස්ථානය
බාලක – දෙවන ස්ථානය
4 ශ්‍රේණිය
බාලක – ප්‍රථම ස්ථානය
බාලිකා – ප්‍රථම ස්ථානය
5 ශ්‍රේණිය
බාලිකා – ප්‍රථම ස්ථානය
බාලක – තෙවන ස්ථානය





