super harvester අවසන් පූර්ව තරඟයෙන් ජයග්‍රහණය කිරීම.

අධ්‍යාපන අමාත්‍යංශය සහ සිරස මාධ්‍ය ජාලය එක්ව එලිෆන්ට් හවුස් ආයතනයේ අනුග්‍රහයෙන් අද දින (2025/09/14) පවත්වන ලද super harvester අවසන් පූර්ව තරඟයෙන් අප විද්‍යාලයේ තේජන සඳළු සහ තනුල දිනුජය පුතණුවන් දෙදෙනා අවසන් පූර්ව තරඟයට තේරී පත් වූ පාසල් 5 අතරින් අවසන් පාසල් 3 අතරට තේරී පත්වූ බව ඉතා සතුටින් දැනුම් දෙමු.අපේ ආදර පුතුන්ට සමස්‍ත විද්‍යාලයීය සුභාශිංසන පිරිනමමු .අවසන් තරඟයෙන්ද ජයග්‍රහණයම උදාවේවායි සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු .

මේ සඳහා මඟපෙන්වමින් ඔවුන්ව ජයග්‍රහණයේ මාවතේ කැදවාගෙන යන අප ආචාර්‍ය මණ්ඩලයේ ගුරු මහත්ම මහත්මීන්ට සමස්ත විද්‍යාලයීය කෘතවේදීත්වය පිරිනමමු .මේ සඳහා ඔබේ වටිනා sms මනාප ලබාදී බණ්ඩාරගම විදුමව්න්ගේ නාමය තව තවත් දිදුලවමු