2026/05/19 වන දින ජාතික ශිෂ්‍ය භට බලකායේ 26 වන බල ඇණියේ ජ්‍යෙෂ්ඨ නිලයන්ට උසස් වීම් ලැබූ අප විද්‍යාලයීය පොලිස් ශිෂ්‍ය භට බාලිකා ඛණ්ඩයේ 2024 වසරේ සැරයන් සිතුමි විහාරා දියණියට සහ 2025 වසරේ සැරයන් ඉශුනි නිමංසලා දියණියට සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු. එම දියණියන් දෙපළම අප විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාවන් වීමද විශේෂත්වයකි. එමෙන්ම එම ඛණ්ඩ භාර බුද්ධිකා වික්‍රමාරච්චි ගුරු මහත්මිය ප්‍රමුඛ එම ඒකකයේ ගුරුභවතුන්ටද විශේෂ ස්තූතිය පිරිනමමු.එදින සහභාගි වූ විෂය සමගාමී හා විෂය බාහිර කටයුතු පිළිබඳ සහකාර විදුහල්පති පූජ්‍ය පරගස්තොට ලක්ඛණ ස්වාමීන් වහන්සේටද ගෞරවනීය කෘතවේදීත්වය පිරිනමමු.




