2026/06/20 දින පැවති සමස්ත ලංකා නර්තන තරඟාවලියේ පළාත් තරගාවලියෙන් අප විද්‍යාලයේ දූ පුතුන් ඉදිරිපත් කළ තරඟ ඉසව් තුනෙන් කනිෂ්ඨ සමූහ තරඟ අංශයෙන් ප්‍රථම ස්ථානයද, ජ්‍යෙෂ්ඨ සමූහ සහ ජ්‍යෙෂ්ඨ ඒකල තරඟයෙන් දෙවන ස්ථානයද දිනාගත් බව ඉතාමත්ම සතුටින් දැනුම් දෙමු. අපේ ආදර දූ පුතුන්ට සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු. ඔවුන්ව පුරුදු පුහුණු කළ විෂය නර්තන අංශයේ ගුරු මහත්මීන්ට සමස්ත විද්‍යාලයීය කෘතවේදීත්වය පිරිනමමු . අපේ දූ පුතුන්ට සමස්ත ලංකාවෙන්ද ජයග්‍රහණ ලැබීමට හැකි වේවායි සමස්ත විද්‍යාලයීය සුභ පැතුම් පිරිනමමු.
ජේෂ්ඨ අංශය මඩුහමාරය සබරගමු
දෙවන ස්ථානය
ජේෂ්ඨ අංශය ඒකල පිරිමි සබරගමු
දෙවන ස්ථානය .
කණිෂ්ඨ අංශය සමූහ සබරගමු
ප්‍රථම ස්ථානය



