2026/03/29 වන දින සිට 2026/04/03 දින තෙක් රන්ටැඹේ ජාතික ශීෂ්‍ය භට බලකා සඳහා කඳවුරු ගත වූ අප විද්‍යාලයේ පොලිස් ශිෂ්‍ය භට බාලිකා ඛණ්ඩයේ දියණිවරුන් අන්තර් පළාත් තරඟයෙන් සිව්වන ස්ථානය දිනා ඇති බව සතුටින් දැනුම් දෙමු.එම දියණිවරුන්ට සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු .සමස්ත ලංකා තරඟ සඳහා සුදුසුකම් ලබා ඇති එම දියණිවරුන්ට ඉදිරි ජයග්‍රහණද උදාවේවායි සමස්ත විද්‍යාලයීය සුභාශිංසන පිරිනමමු .ඔවුන් සමඟ සහභාගී වූ ආචාරිනී මිලිනි හංසිකා ගුරු මෙනවියට ද සමස්ත විද්‍යාලයීය ස්තූතිය පිරිනමමු .එමෙන්ම සහභාගි වූ බණ්ඩාරගම පොලිස් ස්ථානයේ නිලධාරීනී කාන්ති අමරසේකර මහත්මියට ද නොමද ස්තූතිය පිරිනමමු .පොලිස් ශිෂ්‍ය භට ඒකකය භාර බුද්ධිකා වික්‍රමාරච්චි ගුරු මහත්මිය ප්‍රමුඛ සජිනි උදේශිකා ගුරු මහත්මිය ඇතුළු සහය දැක්වූ ආචාර්ය මණ්ඩලයේ ගුරුභවතුන්ට විශේෂ ස්තූතිය පිරිනමමු .එමෙන්ම සහය වූ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන්ටද ,දියණිවරුන්ගේ ආදර දෙමාපියන්ටද විද්‍යාලයීය ස්තූතිය පිරිනමමු .