තාරකා විද්‍යාව හා අභ්‍යවකාශ විද්‍යාව ආශ්‍රිත නව නිපැයුම් තරගාවලිය

නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාර්ක් ආයතනයේ රූබි ජුබිලි සැමරුම වෙනුවෙන් පැවැත්වූ තාරකා විද්‍යාව හා අභ්‍යවකාශ විද්‍යාව ආශ්‍රිත නව නිපැයුම් තරගාවලියේ Robotic Applications අංශයෙන් Air Drive නමින් යෙදවුමක් සෑදීමට අප විද්‍යාලයේ 13 ශ්‍රේණියේ මයුර කණිෂ්ක හා රසිදු රුක්ශාන් දරුවන් විසින් ඉදිරිපත් කළ ව්‍යාපෘති යෝජනාව පළමු වටයෙන් තේරී පත් වූ අතර නොවැම්බර් 12 සහ 13 දෙදින මොරටුව විශ්ව විද්‍යාලයේ අනුබද්ධ ආතර් සී ක්ලාර්ක් ආයතනයේ දී පාසල් 50 ක පමණ තරගකරුවන් සහභාගී වූ ප්‍රදර්ශනාත්මක අවසාන තරග වටයේදී සිය යෙදවුම සදහා කුසලතා සහතික ලබා ගන්නා ලදි.එම පුතුන්ට සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු .එමෙන්ම එම පුතුන් මෙම තරඟයට යොමු කළ අප විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමය භාර රුවිනි දීපානි ගුරු මහත්මියට ද සමස්ත විද්‍යාලයීය ස්තූතිය පිරිනමමු .එමෙන්ම එම අවස්ථාවේදී Sunfo Global Federation ආයතනයෙන් අප පුතුන් දෙදෙනාට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ 2025/11/23 වන දින පවත්වන ලද ජාත්‍යන්තර තරඟයකටද සහභාගිවීමට ආරාධනා ලැබ එම තරඟයටද සහභාගී වෙමින් සහතිකපත් දිනා ඇති බවද ඉතා සතුටින් දැනුම් දෙමු.එම පුතුන්ගේ අනාගතය සාර්ථක වේවායි සමස්ත විද්‍යාලයීය සුභාශිංසන පිරිනමමු .