සිරස මාධ්‍ය ජාලය සහ elephant house ආයතනය එක්ව සංවිධානය කළ super harvester අවසන් මහා තරඟය

අධ්‍යාපන අමාත්‍යාංශය ,සිරස මාධ්‍ය ජාලය සහ elephant house ආයතනය එක්ව සංවිධානය කළ super harvester අවසන් මහා තරඟයෙන් ජයග්‍රහණය කළ අප විද්‍යාලයේ තේජන සඳරු හා තනුල දිනුජය පුතුන් දෙදෙනා සහ ඔවුන්ගේ ජයග්‍රහණය කරා මඟ පෙන්වූ ගුරුභවතුන් වන බුද්ධිකා ව්ක්‍රමාරච්චි,සජිනි උදේශිකා ,ධනන්ජනී රැටියල ,ගයාන් සන්දනායක,සහකාර විදුහල්පති චන්දන ප්‍රදීප් යන මහත්ම මහත්මීන්වද,අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ රන්ජිත් වසන්ත මහතාවද ගෞරවයෙන් යුතුව පිළිගැනීමේ උළෙල 2025/11/04 වන දින පැවැත්විණි .එම පුතුන් දෙදෙනා ඇතුළු ගුරුභවතුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ රංජිත් වසන්ත මහතාට සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු .

එම උත්සවය සංවිධානය කිරීමට සහය වූ

1බණ්ඩාරගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමා ඇතුළු නිලධාරීන්ට

2 කළමනාකරණ මණ්ඩලයේ ගුරුභවතුන්ට

3 ආචාර්ය මණ්ඩලයේ ගුරුභවතුන්ට

4 පුතුන් රැගෙන ඒමට තම සුඛෝපභෝගී වාහනය ලබා දුන් ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් වසන්ත පෙරේරා මහතාට ,සහය දුන් සම සභාපති ලසන්ත විතාරණ මහතාට

5 පාසල් සංවර්ධන විධායක කමිටුවේ භාණ්ඩාගාරික ශාන්ති දයාරත්න ගුරු මහත්මිය ඇතුළු සේපාලිකා අනූෂා,චම්පිකා ප්‍රියංගනී යන මහත්මීන්ට

6 අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන්ට

10 ආදරණිය දූ දරුවන්ට

මෙන්ම නන් අයුරින් සහය දැක්වූ සැමට සමස්ත විද්‍යාලයීය ස්තුතිය පිරිනමමු .