
2025/07/11 දින පැවති කලාප ක්‍රීඩා අවසාන උත්සවයේදී අප විද්‍යාලය සමස්ත කලාපයෙන් පස්වන ස්ථානය දිනා ගත් බව සතුටින් දන්වමු . ක්‍රීඩාවේ නියැලී ජයගත් හා සම්බන්ධ වූ අප විද්‍යාලයේ සියළුම දූ පුතුන්ට සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු . අප විද්‍යාලයට මහත් අභිමානයක් කැඳවමින් අපේ දරුවන් ලබාගත් ජයග්‍රහණ මෙලෙසින් දක්වමි.
හොරණ කලාප ක්‍රීඩා -2025
දැල්පන්දු 16 පහළ ශූරතාව
දැල්පන්දු 18 පහළ ශූරතාව
දැල්පන්දු 20 පහළ අනුශූරතාව
කලාප පාපන්දු තරගාවලියෙන් අප විද්‍යාලයේ දූ පුතුන් වයස අවුරුදු 18 න් පහළ බාලක 3 වන ස්ථානයද, 20 න් පහළ බාලක 3 වන ස්ථානයද ,20 න් පහළ බාලිකා 3 වන ස්ථානයද දිනා ගත්තා.
සමස්ත කණ්ඩායම් ක්‍රීඩා තෙවන ස්ථානය
18 පහළ දක්ෂතම දැල් පන්දු ක්‍රීඩිකාව – රවිදි ජයනේදි
16 පහළ දක්ෂතම දැල් පන්දු ක්‍රීඩිකාව – යූ. ඩී.දෙව්මි ලොහංසා
