🏆 කලාපීය ක්‍රීඩා උළෙලේ විශිෂ්ට ජයග්‍රහණයක්

2026/06/19 පැවති කලාපීය ක්‍රීඩා උත්සවයේදී අප විද්‍යාලය සමස්ත කලාපයෙන් 5 වන ස්ථානය දිනා ගත් බව සතුටින් දැනුම් දෙමු. එම උළෙලේදී අවුරුදු 14න් පහළ දක්ෂතම ක්‍රීඩකයා ලෙස අප විද්‍යාලයේ W D සෙහස් ප්‍රේමසිංහ පුතණුවන් තේරී පත් වූ බව ඉතා සතුටින් දැනුම් දෙමු .එම පුතුණුවන්ට මෙන්ම කලාපීය තරගවලින් ජයග්‍රහණය ලබා ගැනීමට දායක වූ සියලුම දූ පුතුන්ට සමස්ත විද්‍යාලයීය සුභාශිoසන පිරිනමමු. මෙම ජයග්‍රහණය ලබා ගැනීමට කැප වූ සමස්ත ආචාර්ය මණ්ඩලයට සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු.එමෙන්ම එදින එම උළෙලට පළාත් නර්තන තරග අභිමුව සිට අලංකාර නර්තනයක් ඉදිරිපත් කළ නර්තන අංශයේ දියණිවරුන්ටද ,එම ගුරු මහත්මීන්ටද , සහාය දැක්වූ සමස්ත ආචාර්ය මණ්ඩලයටද විද්‍යාලයීය ස්තුතිය පිරිනමමු. ක්‍රීඩා පුහුණුවීම් කටයුතු කළ සියලුම මහත්වරුන්ටද නොමද ස්තූතිය පිරිනමමු.

See less

Leave a Comment

Your email address will not be published. Required fields are marked *