Donation

6 ශ්‍රේණියේ පිවිසුම් දොරටුව අවට වර්ණාලේප කිරීම.

අප විද්‍යාලයේ 6 ශ්‍රේණියේ පිවිසුම් දොරටුව අවට වර්ණාලේප කිරීම,6 ශ්‍රේණි පන්තිකාමර වෙන්කිරීම ,ඉංග්‍රීසි මාධ්‍ය පන්ති කාමරයේ ආසන පිළියෙළ කිරීම යන උදාර කර්තව්‍යයන් 6 ශ්‍රේණියේ දෙමව්පියන් විසින් සිදු කරන ලදී. ඉමහත් අවශ්‍යතාවක්ව පැවති 6 ශ්‍රේණිය පන්තිකාමර වෙන්කිරීමේ කටයුත්ත සාර්ථකව අවසන් කිරීමට මූලිකවී සියලු කටයුතු මැනවින් සොයාබලා සංවිධානය කල 6 ශ්‍රේණිය D පන්තියේ S. A. මනුජ චමෝද් […]

6 ශ්‍රේණියේ පිවිසුම් දොරටුව අවට වර්ණාලේප කිරීම. Read More »

Royal Ladies සිංහ සමාජය විසින් පොත් රාශියක් පරිත්‍යාග කිරීම.

බැල්ලන්තුඩාව, Royal Ladies සිංහ සමාජයේ නිලධාරීන් විසින් 2025/07/31 දින අප විද්‍යාලයේ පුස්තකාලය වෙත ඉතා වටිනා ඉංග්‍රීසි මාධ්‍යයෙන් රචිත පොත් රාශියක් පරිත්‍යාග කළහ. එම සිංහ සමාජයේ සියළුම නිලධාරීන්ට සමස්‍ත විද්‍යාලයීය කෘතවේදීත්වය පිරිනමමු . මෙම කර්තව්‍යය සම්බන්ධීකරණයෙන් දායක වූ සිංහ ප්‍රභා ගුණතිලක මහත්මියටද සමස්‍ත විද්‍යාලයීය ස්තූතිය පිරිනමමු.

Royal Ladies සිංහ සමාජය විසින් පොත් රාශියක් පරිත්‍යාග කිරීම. Read More »

පුස්තකාලයට ඉතා වටිනා පොත් ප්‍රමාණයක් පරිත්‍යාග කිරිම.

2025/07/28 වන දින අප විද්‍යාලයේ සේවය කර විශ්‍රාම ලැබූ ස්වර්ණලතා ඈපාසිංහ ගුරු මහත්මිය විසින් අප විද්‍යාලයේ පුස්තකාලයට ඉතා වටිනා පොත් ප්‍රමාණයක් පරිත්‍යාග කළාය. එතුමියට සමස්ත විද්‍යාලයීය කෘතවේදීත්වය පිරිනමමු.

පුස්තකාලයට ඉතා වටිනා පොත් ප්‍රමාණයක් පරිත්‍යාග කිරිම. Read More »

අප විද්‍යාලයීය ආයෙමත් ආදරෙන්

(once again with love) ආදි ශිෂ්‍ය කණ්ඩායම 2025/07/21 දින පැමිණ පැරණි බුදු මැදුර වෙනුවට නව බුදු මැදුරක් ඉදි කිරීමට තම දෑත් දිගු කළෝය. එම ආදි දූ පුතුන්ට සමස්‍ත විද්‍යාලයීය කෘතවේදීත්වය පිරිනමමු . එම මාහැඟි සත් ක්‍රියාව තෙරුවන් සරණින්, සියළු දෙවි රැකවරණින් සාර්ථක වේවායි සුබ ප්‍රාර්ථනා එක් කරමු.

අප විද්‍යාලයීය ආයෙමත් ආදරෙන් Read More »