බණ්ඩාරගම මධ්‍ය මහා විද්‍යාලයේ 2026 වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය හා වර්ණ ප්‍රදානෝත්සවය අභිමානවත් අයුරින් සාර්ථකව නිමාවට පත්වෙයි!

2026/11/10 වන දින පැවති ‍ ත්‍යාග ප්‍රදාන උත්සවයත්, වර්ණ ප්‍රදාන උත්සවයක් අති සාර්ථක ලෙස විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී නිමාවිය. අප විද්‍යාලයේ හිටපු විදුහල්පති, අනු නායක අති පූජ්‍ය මකුරුප්පේ සෝමාලංකාර අනුනායක ස්වාමීන් වහන්සේගේ ගෞරවනීය සහභාගිත්වයෙන් මෙන්ම ත්‍යාග ප්‍රදාන උත්සවය මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය ජගත් මනතුංග මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්ද, අධ්‍යාපන අමාත්‍යංශයේ ජාතික පාසල් අධ්‍යක්ෂ K V I U සිසිරබන්දු මැතිතුමාගේ විශේෂ

සහභාගිත්වයෙන්ද, කීර්තිමත් ආදි ශිෂ්‍යා වෛද්‍ය බුද්ධිකා හසන්ති මැතිනියගේ සහභාගිත්වයෙන්ද, විශේෂ අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් ද සිදුවිය . වර්ණ ප්‍රදාන උත්සවය අප විද්‍යාලයේ සුජාත ආදි පුතණුවකු වන මේජර් ජනරාල් ජනක් ප්‍රේමතිලක මැතිතුමාගේ ප්‍රධානත් වයෙන්ද, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ J D L V K ජාසිංහ මැතිතුමාගේ සහභාගිත්වයෙන්ද, සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන්ද ඉතා අලංකාරවත් ලෙස පැවැත්විනි .

මෙම උත්සවය සංවිධානය කළ , සියලු කටයුතු ඉතා දීර්ඝ කාලයක සිට සැලසුම් කළ සහකාර විදුහල්පතිනි මිථිලා විජේසිරීවර්ධන මහත්මිය ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයේ විශේෂයෙන්ම කැපවූ සියලුම ගුරු භවතුන්ට සමස්ත විද්‍යාලයීය ගෞරවනීය කෘතවේදීත්වය පිරිනමමු. නම් වශයෙන් සඳහන් කළ නොහැකි වුවත් පුදුමාකාර ලෙස කැප වූ සමස්ත ආචාර්ය මණ්ඩලයට මාගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු .

විෂය සමගාමී හා විෂය බාහිර කටයුතු පිළිබඳ සහකාර විදුහල්පති ජූජ්‍ය පරගස්තොට ලක්ඛණ ස්වාමීන් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයට මෙන්ම

ප්‍රධාන සංවිධායක මණ්ඩලයේ සියලුම ගුරු භවතුන්ට,

කළමනාකරණ මණ්ඩලයේ සියලුම ගුරු භවතුන්ට සහ

ආරාධනා පත් සැකසීම, ආරාධනා පත් බෙදා දීම, සහතිකපත් සැකසීම, මුද්‍රණය කිරීම, සහතිකවල තොරතුරු ඇතුළත් කිරීම, කුසලාන රැගෙන ඒම, පදක්කම් සැකසීම, සමරු කලාපය සැකසීම, මුදල් භාරව කටයුතු කිරීම, අනුග්‍රාහකයින් සොයා ගැනීම, නිවේදන කටයුතු කිරීම, ඉතා අලංකාර ලෙස තොරණ පහන සැකසීම, මනස්කාන්ත සැරසිලි කිරීම, පාසල් පිරියත අලංකාර ලෙස සැකසීම, කොඩි කණු සැකසීම, ප්‍රාදේශීය සභාවෙන් ගෙනා කොඩි කණු සිටුවීම, ආසන පැනවීම, අංක කිරීම, ත්‍යාගලාභීන් දැනුවත් කිරීම, ආලෝකකරණය හා ශබ්ද ලබා ගැනීම, digital තිරය සහ ජෙනරේටර්ස් ලබාගැනීම, ඉතා මනස්කාන්ත සෞන්දර්යාංග ලබාදීම, පිළිගැනීමේ ගීතය සහ පිළිගැනීමේ නර්තන අයස්කාන්ත ලෙස සැකසීම, පෙරදිග අපරදිග තූර්යය වාදක කණ්ඩායම් පුහුණු කර ලබාදීම, ධජ එසවීම, පිළිගැනීමේ කටයුතු සංවිධානය කිරීම, ඉතා අලංකාර වේදිකා සැරසිලි, මනහර වෙස් කණ්ඩායම, සමරු කලාප සැකසීම , සිහිවටන සැකසීම, ලෝගු ලබා ගැනීම, තිරය සැකසීම, තොරතුරු හා සන්නිවේදන අංශයේ කැපවීම්, ත්‍යාග මේසය සංවිධානය කිරීම, සංග්‍රහ කටයුතු ඉතා විධිමත්ව ඉටු කිරීම, අමුත්තන් සම්බන්ධීකරණය කිරීම, අමුත්තන් පිළිගැනීම, ශිෂ්‍ය නායක පර්ෂදයේ දූ පුතුන් මෙහෙයවීම, මල් පූජාව, ශාලා සැරසිලි, අසුන් ගැන්වීම, ත්‍යාග ප්‍රදානෝත්සවයට මුදල් පරිත්‍යාග කිරීම, ඡායාරූපකරණය, පරිගණක ඉදිරිපත් කිරීම්, ප්‍රධාන ශාලාව පවිත්‍ර කර බිම මනා ලෙස සැකසීම, ශ්‍රවනාගාරයේ අඩුපාඩු සැකසීම, දින ගණනාවක සිට විවිධ කටයුතුවලට කැපවී, රැයක් දවාලක් නැතුව කැපවූ, තම පෞද්ගලික ධනයද යොදවමින්, මෙම උත්සවය සාර්ථක කරගැනීමට කැප වූ ඔබ සියලු දෙනාට, විශේෂයෙන් සාර්ථක ලෙස යමක් නිම කර එම සතුට සෑම දෙනාටම විඳීමට සැලැස්වූ ආචාර්ය මණ්ඩලයේ ඔබ සියලු දෙනාට හෘදයාංගම ස්තුතිය පුද කරමු.

මහත් අනුග්‍රහයක් දැක්වූ පාසල් සංවර්ධන සමතියට, එම නිලධාරී මණ්ඩලයට,විශාල මූල්‍යමය අනුග්‍රහයක් දැක්වූ ආදි ශිෂ්‍ය සංගමයට, විශාල පරිත්‍යාග කළ විවිධ ආදි ශිෂ්‍ය මහත්ම මහත්මීන්ට, ආචාර්ය මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය සහකාර විදුහල්පති මහත්ම මහත්මීන්ට, හිටපු ගුරු භවතුන්ට, පරිත්‍යාග ලබා දුන් මහත්ම මහත්මීන්ට, අපේ දූපුතුන්ටද, අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මින්ටද සමස්ත විද්‍යාලයීය කෘතවේදීත්වය පිළිගන්වමු.

ශිෂ්‍ය නායක පර්ෂදයේ දූපුතුන්ද එම භාර ආචාර්ය මණ්ඩලයද ආදරයෙන් සිහිපත් කරමි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *