අභියෝග මැද අභිමානවත් ලෙස පැවැති ශිෂ්‍යනායක දිනය 2026!

2026/09/14 වන දින ප්‍රවීණ මාධ්‍යවේදී වසන්ත

දුක්ගන්නාරාල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2026 වර්ෂයට අදාල ශිෂ්‍යනායක දිනය ඉතා අභිමානවත් ලෙස පැවැත්විණි. එම උළෙල වත් කිරීමට පැමිණි වසන්ත දුක්ගන්නාරාල මැතිඳුන්ට සමස්ත විද්‍යාලයීය ස්තුතිය පිරිනමමු. ශිෂ්‍ය නායක තනතුරු ලැබූ සියලුම දූ පුතුන්ට විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු. එදින

දිවයිනට බලපෑ වැඩිම වර්ෂාපතනය බණ්ඩාරගමට වී ඉතා අභියෝග මධ්‍යයේ වුවද ඉතා අලංකාර ශිෂ්‍යනායක දිනයක් සංවිධානය කළ

1 ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක පර්ෂදය භාර චාන්දනී ප්‍රියන්ති , ප්‍රාර්ථනා සෙව්වන්දි යන ගුරු මහත්මීන්ටද

2 කනිෂ්ඨ ශිෂ්‍යනායක පර්ෂදය භාර පූජ්‍ය වීදියගොඩ විජිතාලෝක ස්වාමීන් වහන්සේට මෙන්ම දුමුදු තාමර ,දිනූෂා සංජීවනී යන ගුරු මහත්ම මහත්මීන්ටද

3 ප්‍රාථමික ශිෂ්‍ය නායක පර්ෂදය භාර චන්දි ඉසුරිකා ,තමාලි සකුන්තලා යන ගුරු මහත්මීන්ටද

4 ඉතාමත්ම කැපවීමෙන්

විවිධ සහය දැක්වූ ආචාර්ය මණ්ඩලයේ ගුරු භවතුන්ටද

5 විවිධ සහාය දැක්වූ විද්‍යාලයේ දූ පුතුන්ටද

6 වත්මන් සහ හිටපු ශිෂ්‍ය නායක මණ්ඩලයේ දූ පුතුන්ටද

7 අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන්ටද

8 හිතවත් දෙමව්පියන්ටද

සමස්ත විද්‍යාලයීය කෘතවේදීත්වය පිරිනමමු.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *