හරිත පරිසරයක් ගොඩනැගීමට එක්වූ හොරණ බටහිර සිංහ සමාජය

2026/04/21 වන දින හොරණ බටහිර සිංහ සමාජය විසින් අප විද්‍යාලයට වටිනා පැළ රාශියක් පරිත්‍යාග කරන ලදී . එම පරිත්‍යාගය කළ සිංහ අසංග මහතා ඇතුළු පැමිණි නිලධාරීන්ට සමස්ත විද්‍යාලයීය කෘතවේදීත්වය පිරිනමමු . මේ සඳහා සහය වූ පරිසර නියමු ඒකකය භාර නිල්මිණී ප්‍රියංකා ගුරු මහත්මිය ඇතුළු එම ඒකකයේ දූපුතුන්ටද , සහය දැක්වූ ආචාර්ය මණ්ඩලයේ ගුරු භවතුන්ටද සමස්ත විද්‍යාලයීය ස්තුතිය පිරිනමමු.