සමස්‍ත ලංකා සංගීත ඒකල ගායනා තරඟයෙන් තෙවන ස්ථානය දිනා ගැනීම.

අද දින සමස්‍ත ලංකා සංගීත ඒකල ගායනා තරඟයට සහභාගී වූ උසස් පෙළ කලා අංශයේ ඉගෙනුමලබන තෙනුර තිවංක පුතණුවන් සමස්‍ත ලංකා තෙවන ස්ථානය දිනා ගත් බව ඉතා අභිමානයෙන් යුතුව දැනුම් දෙමු .එම පුතුන්ට සමස්‍ත විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම් පිරිනමමු .එමෙන්ම ඒ සඳහා සහය වාදනයෙන් සහය වූ සදීශ් ශශිමාල් පුතණුවන්ටද උණුසුම් සුබ පැතුම් පිරිනමමු .මෙම දරුවන් ඉතා කැපවීමෙන් පුහුණුකළ සංගීත අංශයේ ගුරු මහත්මීන්ට සමස්ත විද්‍යාලයීය ගෞරවණීය කෘතවේදීත්වය පිරිනමමු .ආදර පුතණුවරුනි,ඔබ පාසල් විදු මවුන්ට මහත් අභිමානයකි.