6 ශ්‍රේණියේ පිවිසුම් දොරටුව අවට වර්ණාලේප කිරීම.

අප විද්‍යාලයේ 6 ශ්‍රේණියේ පිවිසුම් දොරටුව අවට වර්ණාලේප කිරීම,6 ශ්‍රේණි පන්තිකාමර වෙන්කිරීම ,ඉංග්‍රීසි මාධ්‍ය පන්ති කාමරයේ ආසන පිළියෙළ කිරීම යන උදාර කර්තව්‍යයන් 6 ශ්‍රේණියේ දෙමව්පියන් විසින් සිදු කරන ලදී.

ඉමහත් අවශ්‍යතාවක්ව පැවති 6 ශ්‍රේණිය පන්තිකාමර වෙන්කිරීමේ කටයුත්ත සාර්ථකව අවසන් කිරීමට මූලිකවී සියලු කටයුතු මැනවින් සොයාබලා සංවිධානය කල 6 ශ්‍රේණිය D පන්තියේ S. A. මනුජ චමෝද් පුතාගේ දයාබර පියාණන්ට විශේෂයෙන් ස්තූතිවන්ත වන අතර ඒ සඳහා දායකත්වය දැක්වූ සියලුම දෙමව්පියන්ටද ඉමහත් කෘතවේදීත්වය පළකරමු.

6 ශ්‍රේණිය පිවිසුම තීන්ත ආලේප කර ඉතා අලංකාර ලෙස නවීකරණය කල 6 ශ්‍රේණිය සඳහා අලුතින් ඇතුළත්වූ දරුවන්ගේ දෙමව්පියන්ටද විශේෂ ස්තූතිය පුදකරමු.

ඉංග්‍රීසි මාධ්‍ය පන්තිකාමරය සඳහා දැඩි අවශ්‍යතාවක්ව පැවති නව ඩෙස් බංකු පරිත්‍යාග කල 6 ශ්‍රේණිය A පන්තියේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරන දෙහාන් අපූර්ව සිල්වා පුතාගේ දයාබර දෙමව්පියන්ටද ඉමහත් ස්තූතිය පුදකරමු.

මෙම උතුම් ක්‍රියාවට අවශ්‍ය සහය ලබාදුන් 6,7 අංශභාර නියෝජ්‍ය විදුහල්පති, එම ශ්‍රේණියේ සියළුම පන්ති භාර ගුරුභවතුන්ටද ,සහය දැක්වූ ගුරුභවතුන්ටද සමස්‍ත විද්‍යාලයීය කෘතවේදීත්වය පිරිනමමු

මෙම උතුම් ක්‍රියාව සිදු කළ 6 ශ්‍රේණියේ දූ පුතුන්ගේ ආදරණීය දෙමව්පියන්ට සමස්ත විද්‍යාලයීය කෘතවේදීත්වය පිරිනමමු .එමෙන්ම මෙම ක්‍රියාව අධීක්ෂණය කරමින් අවශ්‍ය සහය ලබාදුන් සියළුම ගුරුභවතුන්ටද සමස්‍ත විද්‍යාලයීය කෘතවේදීත්වය පිරිනමමු.