
බණ්ඩාරගම මැදි විදුහල් 19න් පහල ක්‍රිකට් කණ්ඩායම සහ කලුතර බොස්වෙල් ජාත්‍යන්තර පාසල් ක්‍රිකට් කණ්ඩායම අතර පැවති ක්‍රිකට් තරගයෙන් කඩුලු 6 ක ජයක් ලබන්නට බණ්ඩාරගම මැදි විදුහල් ක්‍රීඩකයන් සමත් විය.
මෙහිදී ලාබාල ක්‍රීඩක උදාන් ඉදුවර කඩුලු ත්‍රිත්වයක් සමගින් විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවෙමින් ප්‍රතිවාදී කඩුළු හතරක් ලබා ගැනීමට සමත් විය.
බොස්වෙල් ජාත්‍යන්තර පාසල
සියලු දෙනා දැවී ලකුණු 69 (පන්දුවාර 14 )
- උදාන් ඉදුවර – 18/4
- මානෙත් මෙනුල්-4/2
- සංජන ඩිලංක-20/2
- රශ්මික විහග-26/1
බණ්ඩාරගම මැදි විදුහල
කඩුළු 4 ක් දැවී ලකුණු 72 (පන්දුවාර 9.1)
- රශ්මික විහග -22*
- සංජන ඩිලංක -15*
- නිශාන් දිනුජය -12
- පුන්සර චාමිදු- 10
තරගයේ වීරයා – උදාන් ඉදුවර
2024/01/27 වන දින අප විද්‍යාලයේ වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ පුතුන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්හ.එම පුතුන්ට සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු .එම ක්‍රීඩාව භාර ගුරුභවතුන්ටද ,විද්‍යාලයීය ක්‍රිකට් පුහුණුකරුවන්ටද ,සමස්ත ක්‍රීඩා අංශයටද විද්‍යාලයීය ස්තූතිය පිරිනමමු.
