බණ්ඩාරගම මැදි විදුහල් 19න් පහල ක්‍රිකට් කණ්ඩායම සහ ප්‍රබල කලුතර ඥානෝදය පාසල් ක්‍රිකට් කණ්ඩායම අතර පැවති වයස අවුරුදු 19 න් පහල ක්‍රිකට් තරගයෙන් කඩුලු 2 ක තියුණු ජයක් ලැබූ බණ්ඩාරගම මැදි විදුහල් ක්‍රීඩකයෝ මෙවර තරගාවලියේ පිට පිටම දෙවන ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් වූ අතර නායක සංජන ඩිලංක හා නිශාන් දිනුජය විශිෂ්ඨ පිතිහරඹයක නිරතවෙන්නට සමත්විය. එම පුතුන්ට සමස්ත විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම් පිරිනමමු .ක්‍රිකට් ක්‍රීඩාව භාර ගුරුභවතුන්ටද ,අප විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩා පුහුණුකරුවන්ටද සමස්ත ක්‍රීඩා අංශයටද විද්‍යාලයීය ස්තූතිය පිරිනමමු.
ඥානෝදය මහා විදුහල- කළුතර
සියලු දෙනා දැවී ලකුණු 167 (පන්දුවාර 45.3)
- මානෙත් මෙනුල් – 31/2
- සනුප මන්විදු – 4/1
- යශික ශනාල් – 14/1
- මියුරු ගිම්හාන් – 21/1
- රශ්මික විහග – 26/1
- උදාන් ඉදුවර – 37/1
බණ්ඩාරගම මැදි විදුහල
කඩුළු 8ක් දැවී ලකුණු 169 (පන්දුවාර 46.3)
- සංජන ඩිලංක – 47
- නිශාන් දිනුජය – 41
- පුන්සර චාමිදු – 18
- යශික ශනාල් -14
- මියුරු ගිම්හාන් -09*
දක්ෂතම පිතිකරු – නිශාන් දිනුජය
තරගයේ වීරයා – සංජන ඩිලංක


