ලෝක ළමා දිනය

ලෝක ළමා දිනයදා විද්‍යාලයේ ගුරුභවතුන් දූපුතුන්ගේ සතුට වෙනුවෙන් සෙනෙහස තිළිණ කළ අයුරු……💚💛💚

මේ අවස්ථාවට බණ්ඩාරගම පොලිස් ස්ථානයේ ළමා හා කන්තා කාර්යාංශයේ ස්ථානාධිපති

කාන්තා පොලිස් පරීක්ෂක කෞෂල්‍යා මිය සහ ප්‍රජා සම්බන්ධීකරණ නිලධාරී අනුර ශාන්ත මහතා සහ උප පොලිස් පරීක්ෂක රන්කොත් මහතාද සහභාගී වූහ.

තවද බන්ඩාරගම ජාතික පාසලේ ආදිශිෂ්‍ය,ප්‍රනිත් වැලිවිටගේ පදනමේ සභාපති,බන්ඩාරගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රනිත් වැලිවිටගේ මහතාගේ සම්බන්ධිකරණයෙන්,ලෝක ළමා දිනය වෙනුවෙන් මුඛ සෞඛ්‍ය පිලිබදව දුවා දරුවන් දැනුවත් කිරිම සිද්ධාලේප සමුහ ව්‍යාපාරය මගින් සිදු කරන ලදී.දන්ත වෛද්‍ය මධුෂා මහත්මිය,ආයුර්වේද වෛද්‍ය සුගන්ධිකා මහත්මිය,සිද්ධාලේප ආයතනයේ අලෙවි විධායක නුවන් දිසානායක මහතා ඇතුළු අලෙවි විධායක කන්ඩායම හා ප්‍රවර්ධන අංශයේ මහත්වරුන් සහභාගි වූහ.එම මහත්ම මහත්මීන්ට සමස්ත විද්‍යාලයීය කෘතවේදීත්වය පිරිනමමු .